කොටි හදවත බිද දැමූ අලිමංකඩ හා A9 මුදා ගැනීමේ මහා සටන - පට්ටවැඩ.tk

Breaking

Post Top Ad

Free Advertse Here 0788426481

Post Top Ad

Responsive Ads Here

Sunday, February 19, 2017

කොටි හදවත බිද දැමූ අලිමංකඩ හා A9 මුදා ගැනීමේ මහා සටන



විජයග‍්‍රහණ මැද අලිමංකඩ ජයගනී – ඒ 9 මාර්ගය මුළුමනින්ම හමුදාව අතේ
එල්ටීටීඊයේ හදවත ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදා විසින් සිදුරු කරනු ලැබ අවසානය. කිලිනොච්චි කොටි හදවත සිදුරු කළ ඔවුන් දැන් මුලතිව් දෙසට සිය මෙහෙයුම් අරඹා තිබේ. කිලිනොච්චි අල්ලා ගැනීම එල්ටීටීඊයේ අවසානය අත ළඟ බවට සහතිකයෙකි.
කිලිනොච්චිය යනු ශී‍්‍ර ලංකාවේ දිගම මහවීදිය ඇති නගරයයි. කි.මි. 8 ක් දුරට එක දිගට විහිද යන ඒ – 9 මාර්ගය දෙපස නගරයේ කඩමණ්ඩිය හා ගොඩනැගිලි පිහිටා තිබේ.
එල්ටීටීඊයේ උසාවි පොලිස් මූලස්ථානය බැංකු සාම මහා ලේකම් කාර්යාලය, දෙමළ පුනරුත්ථාපන කාර්යාලය මෙන්ම කොටින්ගේ සුඛෝපභෝගී නිවාස සියල්ල පිහිටා ඇත්තේ මෙහිය.
නගරයේ වැසියන් කුඩා පැල්පත්වල සිටිද්දි එල්ටීටීඊ නායකයන් තුන් මහල්, සිවු මහල් මන්දිරවල සුරසැප වින්ද අයුරු දැන් ලෝකයාට හෙළිවී හමාරය. කොටින්ගේ නිරුවත දෙස් විදෙස් මාධ්‍යයන්ට විදහා පෙන්වා අවසානය.
මේ ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදා ලද විශිෂ්ටතම ජයග‍්‍රහණයකි. මේ ජය ලබාගන්නට කුණාටු, වැහි, ගංවතුර නොතකා කරවටක් දියේ බැස සටන එක මොහොතක් හෝ නොනවත්වා සියලුම සේනාංකවල වීරෝදාර සෙබළු ඉදිරියට ගිය අයුරු ප‍්‍රශංසනීයය.
මේ වන විට ප‍්‍රභාකරන් තමන් පරාජයට හෙළුෑ සිය සටන් සගයන්ට දෙස් දෙවොල් තබමින් මුලතිව් ගන වනාන්තරයට පැනගොස් සිටී.
හමුදාවේ මීළඟ මෙහෙයුම මුලතිව් නගරය හා වනාන්තරය වටලා ප‍්‍රභාකරන් ජීවග‍්‍රහයෙන් අල්ලා ගැනීමය. ආරක්ෂක හමුදා සේනාංක 9 ක වීරෝදාර සෙබළු 50000 ක් පමණ ඊට සැදී පැහැදී මුලතිව් වටකරගෙන සිටිති.
සියලුම සේනාංකවල සෙබළුන් සිය සටන කරගෙන යන්නේ බොහෝවිට මහා වනාන්තරයේ ගස් යට නිදි නොලැබ මදුරුවන් තල තලා රාති‍්‍රය ගතකරමින්ය. සේනාංකාධිපති වරුන්, බලසේනාධිපතිවරුන් ද ටකරන් මඩු යට හිඳිමින් බොහෝවිට අව්ව වැස්ස නොතකා සෙබළුන් සමඟ උරෙනුර ගැටි ඉදිරියට යන්නේ සිය ජීවිතයේ සියලු සුඛවිහරණයන් අත්හැර දමමිනි.
මෙසේ ඉදිරියට ගිය ද සෙබළුන්ගේ චිත්ත ධෛර්යය බිඳුවක් හෝ අඩුවී නැති බව හොඳින්ම පැහැදිලි වූයේ කිලිනොච්චි සටන ජයග‍්‍රහණය කළ සෙබළුන් මාධ්‍යයට කතා කළ ආකාරය දුටු විටය.
කිලිනොච්චිය උතුරු දෙසින් යටත් කරගත් 58 වන සේනාංකයේ සෙබළු පරන්තන් දෙසින් උතුරට යමින් අලිමංකඩ දෙසට පිය නැගූහ. 57 සේනාංකය කිලිනොච්චිය මැදින් නැඟෙනහිර දෙසින් මුලතිව් වනාන්තරය දෙසට මෙහෙයුම් සිදුකළේ කිලිනොච්චියේ සෝදිසි මෙහෙයුම් කෙරෙන අතරතුරදීය.
නාත්තිකන්ඩාල් කලපුව
මේ අතර කිලිනොච්චි මුලතිව් වනාන්තර පෙදෙසට දකුණු දෙසින් පසුගිය සතියක නැදුන්කර්නි අල්ලාගත් 4 වන කාර්ය සාධක බළකාය තවත් උතුරට යමින් ඔඩ්ඩුසුඩාන් නගරය අල්ලා ගත්හ. දින තුනක සටනකින් පසු ඔවුන් ඔඩ්ඩුසුඩාන් අල්ලාගත්තේ එල්ටීටීඊයට බරපතළ හානි සිදුකරමිනි.
මුලතිව් මාන්කුලම් ඒ – 34 මාර්ගයේ පිහිටි ඔඩ්ඩුසුඩාන් එල්ටීටීඊයේ තවත් පරිපාලන හා සැපයුම් මාර්ගයකි. ඔඩ්ඩුසුඩාන් මුලතිව් පුදුකුඩුඉරුප්පු මාන්කුලම් හා නැදුන්කර්නි ප‍්‍රදේශවලට පිවිසුම් මාර්ගයකි.
ඔඩ්ඩුසුඩාන් අත්පත් කරගැනීම සඳහා දකුණු දෙසින් මෙහෙයුම් දියත් කළේ කර්නල් නිශාන්ත වන්නි ආරච්චිගේ 4 වන කාර්ය සාධක හමුදාවයි.
දින කීපයක දරුණු සටන් මැද ඉදිරියට ගිය 4 වන කාර්ය සාධක හමුදාවේ 642 බළසේනාව මාන්කුලම් මුලතිව් ඒ – 34 මාර්ගයේ ඉතා වැදගත් උපක‍්‍රමික සංධිස්ථානයක් වන ඔඩ්ඩුසුඩාන් මංසන්ධිය අල්ලා ගැනීම එල්ටීටීඊයට මරු පහරකි.
ඔඩ්ඩුසුඩාන් අල්ලා ගැනීමෙන් පසු මාන්කුලම් සිට ඔඩ්ඩුසුඩාන් දක්වා ඒ – 34 මාර්ගයේ සම්පූර්ණ පාලනය ආරක්ෂක හමුදා සතුවිය.
එසේ ඔඩ්ඩුසුඩාන් අල්ලාගත් 4 කාර්ය සාධක හමුදාවේ එක් බළසේනාවක් එතැන් සිට ඊසානදිගට මුල්ලියාවේලි දෙසට මෙහෙයුම් කරගෙන ගියේ මුලතිව් මහ බලකොටුව වෙත ළංවෙමිනි. 4 කාර්ය සාධක හමුදාවේ තවත් බළ සේනාවක් ඔඩ්ඩුසුඩාන් සිට ඕලුමඩු නැගෙනහිර දක්වා මෙහෙයුම් කරයි.
කෙසේ වෙතත් මේ වන විට හමුදා සේනාංක හයක්ම මුලතිව් වටකොට ප‍්‍රහාර එල්ල කරමින් ඉදිරියට යති.
59 වන සේනාංකය මුලතිව් නගරයට පිවිසීමට පටන්ගත්තේ වැලිඔය සිට ඉහළට මෙහෙයුම් සිදු කරමිනි. ඔවුන් දැන් මුලතිව් බටහිර හා නිරිතදිග සිට මුලතිව් නගරයට සේන්දු වන්නේ ඉදිරියෙන් ඇති එල්ටීටීඊ බළකොටු හා බංකර් බිඳ දමමිනි. මේ වන විට 59 සේනාංකයේ බළසේනා මුලතිව් නත්තිතණ්ඩාල කළපුව බටහිර ඉවුරේ සිට ප‍්‍රහාර එල්ල කරති. මුලතිව් වට්ටපලෙයි බටහිර පස් බැමි තුනක් ද කඩා බිඳ දමමින් ඉදිරියට ගියේ 593 බළසේනාවේ 7 වන ගැමුණු හේවා බලකායයි. එහිදී කොටි සැපයුම් හා ආහාර ගබඩාවක් ද හමුදා යටතට පත්විය.
බි‍්‍රගේඩියර් නන්දන උඩවත්ත මෙහෙයවන 59 වන සේනාංකය මුලතිව් බටහිර පිහිටි නාත්තිකන්ඩාල් කලපුවේ බටහිර ඉවුර අල්ලා ගෙන දරුණු සටනක යෙදී සිටී. ඔවුන් එහි සුප‍්‍රසිද්ධ වත‍්‍රපලෙයි අම්මාන් කෝවිල සියතට ගෙන ඉදිරියට මෙහෙයුම් කරගෙන යනු ලැබේ.
බි‍්‍රගේඩියර් සත්‍යපි‍්‍රය ලියනගේ මෙහෙයවන 3 වන කාර්ය සාධක හමුදාව ද ඕලුමඩු නැගෙනහිර සිට උතුරට මෙහෙයුම් සිදුකරමින් මුලතිව් වනාන්තරයට පිවිසීමට සූදානමින් සිටී.
ඉන් අනතුරුව පරන්තන් ඔස්සේ උතුරටත් නැගෙනහිර දෙසටත් බෙදී ගමන් කරන්නට පටන්ගත්තේය.
ඔවුන් ගෙන් එක් බළසේනාවක් පරන්තන් සිට ඒ – 9 මාර්ගය ඔස්සේ උතුරට මෙහෙයුම් දියත් කළේ අලිමංකඩ අල්ලා ගැනීමටය. මෙහෙයුම සාර්ථක විය. කොටින් මීට පෙර හමුදාවට එල්ල කළ කාලතුවක්කු ප‍්‍රහාර අඩුවී තිබිණි. ඊට හේතු වන්නේ ඔවුන්ට කාලතුවක්කු උණ්ඩ හිඟවීම බව හමුදා බුද්ධි අංශ පවසයි.
මේ අතර කිලිනොච්චි නැගෙනහිර දෙස මෙහෙයුම් සිදුකරන 58 සේනාංකය මුරුසමඩෙයි අල්ලා ගත්තේය. මුරුසමඩෙයි පිහිටා ඇත්තේ පරන්තන් සිට කි.මී. 5 ක් නැඟෙනහිර දෙසට වන්නටය. මේ ප‍්‍රදේශයේ දින කීපයක් පුරා දරුණු ගැටුම් පවතී. මුලතිව් ආරක්ෂා කරගැනීම සඳහා එල්ටීටීඊ සටන්කරුවෝ දැඩි වෙහෙසක් ගනිති. මරඋගුල් බිම්බෝම්බ පමණක් නොව විවිධ උපක‍්‍රමශීලී බාධක ඔවුන් අටවා ඇත. ඒවා පසු කරමින් අභියෝග ජයගනිමින් හමුදාව ඉදිරියට යයි.
මේ අතර බි‍්‍රගේඩියර් කමල් ගුණරත්නගේ 53 වන සේනාංකය බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වාගේ 55 සේනාංකය මුහමාලේ කොටින්ගේ 3 වන ආරක්ෂක වැට බිඳ දමමින් ඉදිරියට එන්නට පටන්ගත්තේ 6 වැනිදාය. එදින වන විට මීටර් 600 ක් ඉදිරියටවිත් එල්ටීටීඊයේ තුන්වන ආරක්ෂක වළල්ල අත්පත් කරගෙන සිටි සේනාංක දෙකටම නොනවත්වා සටන්වලට මුහුණ දෙන්නට සිදුවිය.
බ‍්‍රහස්පතින්දා වන විට පලෙයි නගරයට කි.මී. 1 ක් පමණ නුදුරින් සිටි ආරක්ෂක හමුදා අතින් එල්ටීටීඊයට දරුණු හානි සිදුවී තිබිණ. හමුදාවන්ට මුහුණ දිය නොහැකිව එල්ටීටීඊ ත‍්‍රස්තයෝ පලා ගියහ.
53 හා 55 සේනාංක දෙකම ශක්තිමත් එල්ටීටීඊ කඳවුරු 9 ක් අල්ලා ගත්හ. 55 වන සේනාංකය විසින් ‘පී 7 බේස්’, ‘එකෝ 9 බේස්’ කඳවුරු දෙක ඇතුළු ශක්තිමත් එල්ටීටීඊ කඳවුරු 6 ක් අල්ලාගන්නා ලදී. පැය 8 කට වඩා වැඩි කාලයක් එක දිගට සටන් කළ ඔවුන්ට කිලෝමීටර් 8 ක් දිගු ‘යුනිෆෝම් ලයින්’ නම්වූ යුද අගල අල්ලාගත හැකිවිය. 55 වන සේනාංකය කොටින්ගේ ‘සියාරා 2 හා ජී 2 කඳවුරු දෙක ද අල්ලා ගත්තේ දරුණු සටන් මැදය.
මෙසේ තවත් ඉදිරියට ගිය 53 සේනාංක බ‍්‍රහස්පතින්දා උදෑසන වන විට පලෙයි ප‍්‍රදේශයට සේන්දු වූහ. පලෙයි එල්ටීටීඊයේ තවත් වැදගත් මර්මස්ථානයකි. මුහමාලේ හා කිලාලි සිට දකුණු දෙසට එද්දී හමුවන විශාලම එල්ටීටීඊ බළකොටුවකි.
බ‍්‍රහස්පතින්දා උදෑසන දරුණු සටන් මැද ඉදිරියට ආ 53 හා 55 සේනාංකවලට මුළු පලෙයි ප‍්‍රදේශයම අල්ලාගත හැකිවිය. එතැන් සිට අලිමංකඩට ඇත්තේ තවත් කි.මී. 14 කි. පලෙයි අල්ලාගත් හමුදා අලිමංකඩ බලා ඉදිරියට ඇදෙන්නේ සතුරු බළකොටු එකින් එක බිඳ දමමිනි.
පලෙයි අල්ලාගන්නට කළ සටනේදී ඉදිරියෙන්ම ආයේ 53 සේනාංකයේ 1 වන විජයබා, 5 ගැමුණු හා 1 ගජබා රෙජිමේන්තුය. පලෙයි අත්පත් කරගත් ආරක්ෂක හමුදා ඊළඟට ඇති ප‍්‍රධාන කොටි මර්මස්ථානය වන සොරන්පත්තු ප‍්‍රදේශය බලා ගමන් අරඹා තිබේ. පලෙයි පිහිටා ඇත්තේ මහනුවර යාපනය මාර්ගයේ මහනුවර සිට කි.මී. 280 ක් උතුරිනි.
පලෙයි අල්ලා ගැනීමේ සටනේදී ශී‍්‍ර ලංකා හමුදාවන්ට දරුණු ප‍්‍රහාර එල්ල වූ අතර ඔවුන්ට මර උගුල් හා බිම්බෝම්බ මැදින් ඉදිරියට යාමට සිදුවිය. පලෙයි සටනේදී සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් වූයේ ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදාවට විශේෂිත වූ රණවිරුවකු සිය ජීවිතය රට වෙනුවෙන් පිදීමය.
ඒ 5 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් නලින්ද කුමාරසිංහ රණවිරුවාය. ඔහු මියගියේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් අටවා තිබු මර උගුලකට හසුවීමෙනි. පලෙයි සිට දකුණට මෙහෙයුම් කරන හමුදා මෙය ලියන මොහොත වන විට ඒ – 9 මාර්ගයේ සම්පූර්ණ පාලනය සියතට ගෙන අලිමංකඩ මුළුමනින්ම අත්පත් කරගැනීමට සූදානම්ව සිටිති.
ඉදිරි පැය කීපය ඇතුළත අලිමංකඩ දකුණේ කඳවුරු බැඳ සිටින 58 සේනාංකය හා ඒ – 9 මාර්ගය ඔස්සේ දකුණට පලෙයි සිට එන 53 වන සේනාංකය එකට එකතු විය හැකි බව හමුදා ආරංචි මාර්ගවලින් පැවැසේ. පලෙයි නගරය මුහමාලේ නගරයට දකුණේ පිහිටි විශාලම නගරයයි.
55 හා 53 වන සේනාංක එකතුව ඒ – 9 මාර්ගය මුළුමනින්ම අත්පත් කරගැනීම ඓතිහාසික ජයග‍්‍රහණයක් වනු ඇත. එමෙන් ම එය ආරක්ෂක හමුදාවන්ට විශාල අස්වැසිල්ලක් ද වනු ඇත.
ඔවුන්ගේ ඊළඟ ඉලක්කය අලිමංකඩට පැමිණ 58 වන සේනාංකය හමුවීමයි. ඒ වන විට යාපනය අර්ධද්වීපය මුළුමනින්ම එල්ටීටීඊයෙන් මුදා ගැනේ.
මුහමාලේ දෙසින් පලෙයි පසුකරමින් දකුණු දෙසට ආ 53 වන සේනාංකය 1 විජයබා රෙජිමේන්තුවත් 2 ගජබා රෙජිමේන්තුවත් සිකුරාදා උදෑසන අලිමංකඩ ප‍්‍රදේශය මුළුමනින්ම මුදාගත්හ.
ඒ9 මාර්ගය මුළුමනින්ම මුදාගත්තේ වසර 19 කට පසුවයි. යුද හමුදාව මඟින් මෙතෙක් කොටි සංවිධානය අත්පත් කරගත්ඒ9 මාර්ගය මුළුමනින්ම සිය අණසකට පත්කරගෙන තිබේ. අලිමංකඩ කඳවුර උතුරු පළාතේ පිහිටා තිබු ඉතා වැදගත් හමුදා කඳවුරකි.
අලිමංකඩ යනු දිවයිනේ විශාලම ලුණු ලේවාය තිබු ප‍්‍රදේශයයි. එය යාපනය අර්ධද්වීපයට පිවිසෙන දොරටුවයි. දශක දෙකහමාරක් වූ සිවිල් යුද්ධයේදී නිතර නිතර යුද භූමියක් වූ මෙය වරින්වර එල්ටීටීඊය අතටත් ආරක්ෂක හමුදා අතටත් පත්විය.
අලිමංකඩ යුද කඳවුරෙන් මුළු යාපනය අර්ධද්වීපයම කලක් පාලනය විය. අලිමංකඩ යාපනයට යාවෙන්නේ හමුදාමය වශයෙන් තවත් වැදගත් නගරයක් වන චාවාකච්චේරියටය.
අලිමංකඩ උපායමාර්ගික ප‍්‍රසිද්ධ යුද කඳවුරක් වූයේ අද ඊයේ මේ සිවිල් යුද්ධය සමයේ නොවේ’ එය කි‍්‍ර.ව. 1760 තරම් ඈතට දිවයන කතාවකි. 1760 දී මුලින්ම පෘතුගීසින් මෙහි යුද කඳවුරක් පිහිටවූයේ ඉන්දියානු සාගරයේ මෙන්ම රට තුළ ද සිය බලය පැතිරවීමට මෙය අගනා ස්ථානයක් වන හෙයිනි. පෘතුගිසින්ගෙන් පසු ලන්දේසිහු හා ඉංගී‍්‍රසිහු ද ඒ යුද කඳවුර එසේ ම පාලනය කළහ.
ශී‍්‍ර ලංකා හමුදාව මඟින් අලිමංකඩ යුද කඳවුර පිහිටවූයේ 1952 දීය. එය 2000 දක්වාම ශී‍්‍ර ලංකා යුද හමුදාව පාලනය යටතේ පැවැතිණි.
1991 දී අලිමංකඩ කඳවුර අල්ලාගන්නට එල්ටීටීඊය දින 35 ක් තිස්සේ සටන් කළේය. ඔවුන් එදා බුල්ඩෝසරයක පුපුරණ ද්‍රව්‍ය පුරවා කඳවුරට එවද්දී ඉදිරියට ගොස් අත්බෝම්බයක් ගෙන ඊට පැන එය පුපුරුවා කඳවුර බේරාගත්තේ හසලක ගාමිණි කුලරත්න නම් වූ රණවිරුවාය. ඒ බුල්ඩෝසරය අදටත් සිහිවටනයක් ලෙස ඒ ස්ථානයේ තිබෙනු දැකිය හැකිය.
අලිමංකඩ අවසන් වරට ශී‍්‍ර ලංකා හමුදාවට නැතිවුණේ 2000 අපේ‍්‍රල් මස 22 දාය.
මේ වන විට අලිමංකඩ අල්ලාගත් රණවිරුවෝ එහි බලය තහවුරු කොට නැගෙනහිර දෙසට මෙහෙයුම් සිදුකරති.
ප‍්‍රදේශය හැරදා තමන් වෙතින් පලායන්නන් ද්‍රෝහීන් ලෙස හඳුන්වන එල්ටීටීඊය ඔවුන්ට මරණ දඬුවම දෙන බවට තර්ජනය කොට තිබෙන බව ආරක්ෂක වෙබ් අඩවිය වාර්තා කරයි.
‘ද්‍රෝහීන්ට දඬුවම’ මැයෙන් බැනර් එල්ලා පොන්නම්බලම් රෝහල අසල මරා දැමු සිවිල් වැසියන් තිදෙනකුගේ මළසිරුරු ප‍්‍රදර්ශනය කොට තිබේ. මේ වන විට බොහෝ පිරිස් එල්ටීටීඊ ප‍්‍රදේශවලින් පලාගොස් වවුනියා හා වැලිඔය අවතැන්වූවන්ගේ කඳවුරුවල පිහිට පතා සිටිති.
පසුගිය 6 වැනිදා එසේ පලා ආ පිරිස් අතුරින් වැඩිම පිරිස වන 140 දෙනෙක් වවුනියාවට ආ බව වවුනියා දිසා ලේකම් චාර්ල්ස් මහත්මිය පවසයි.
මෙසේ පැන යන පිරිස්වලට මරණ දඬුවම ලබාදීමට වෙනමම කණ්ඩායමක් එල්ටීටීඊ නායකයින් පත්කොට ඇතැයි වාර්තා වෙයි.
එල්ටීටීඊය විරෝධය පෑ සිවිල් වැසියන් හා එල්ටීටීඊ කි‍්‍රයාකාරීන් අතරේ ගැටුම් කීපයක් ද ඇතිවූ බව හෙළිවූයේ ද මුදාගත් ප‍්‍රදේශවලට පැමිණි පුද්ගලයින් ගෙනි.
කිලිනොච්චි හා මුලතිව් දිස්ති‍්‍රක්කවල මුදා නොගත් ප‍්‍රදේශවල මෙසේ එල්ටීටීඊ තර්ජනවලට මුහුණදී සිටින ජනතාව එල්ටීටීඊයට එරෙහිව මුදාගත් ප‍්‍රදේශවලට බලෙන් ඒමට පටන්ගෙන ඇත. කොතරම් විරෝධතා පැන නැගුණ ද මුලතිව් පුදුකුඩුඉරිප්පු හා විශ්වමඩු ප‍්‍රදේශවල ජනතාව ඒ විරෝධතා නොතකා වවුනියාවට හා වැලිඔයට ඒ මේ ප‍්‍රවණතාවය වැඩිවී තිබේ.
මෙසේ තමන්ට එරෙහිව යන පුද්ගලයින්ට එල්ටීටීඊය පහර දෙන්නේ පුද්ගලයින්ගේ වයස ගැන හෝ නොබලාය. වැඩිමහලු කාන්තාවන් හා පිරිමින්ට ද ඔවුන්ගේ පහරදීම පොදුය.
එල්ටීටීඊය මේ වන විට පහර දී හෝ ඝාතනය කොට හෝ සිවිල් වැසියන් තමන් වෙත රඳවා ගන්නට උත්සාහ කරන්නේ ආරක්ෂක හමුදා වෙතින් තමන් පරාජය ලැබීම ඒකාන්ත බව දන්නා නිසාය.
ප‍්‍රභාකරන් මුලතිව් වනාන්තරයේ අඩි 30 ක් යට සුඛෝපභෝගී බංකරයක සැඟවී සිටින බව එක්තරා ඉන්දියානු පුවත්පතක පළවී තිබිණ. ඒ පුවත්පතේ සඳහන් කරන පරිදි අසනීපයෙන් පසුවන ප‍්‍රභාකරන් සියලු අණ නිකුත් කරන්නේ ඒ බංකරයේ සිටය. එහෙත් ඔහුට ගැලවීමක් ඇතැයි සිතිය නොහැකිය.
රජය දෙවන වරටත් පසුගිය 7 වැනිදා සිට එල්ටීටීඊය තහනම් කළේය. 1998 දී දළදා මැදුරට කොටි ප‍්‍රහාරයක් එල්ල කළ විගස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය මගින් එල්ටීටීඊය තහනම් සංවිධානයක් ලෙස ප‍්‍රකාශයට පත් කළ ද 2002 දී සටන් විරාම ගිවිසුම අත්සන් කළ විගස රනිල් වික‍්‍රමසිංහ රජය එල්ටීටීඊ තහනම ඉවත් කළේය.
කොටි අන්තර්ජාතික වශයෙන් ශක්තිමත් ප‍්‍රතිරූපයක් ගොඩනගාගන්නට වූයේ එතැන් සිටයි.
කෙසේ වෙතත් 2002 සිට සටන් විරාම ගිවිසුම හරහා කොටි සංවිධානය ශක්තිමත් විය. ආයුධ ගෙන්වා ගත්හ. රාජ්‍ය නොවන අන්තර්ජාතික සංවිධාන හරහා සිය බංකර් තනවා ගත්හ. ඔවුන් ඒ සමයේ ශක්තිමත් වූ අයුරු කිලිනොච්චි යටත් කරගත් පසුව දකින්නට ලැබිණ. කොටි නායකයෝ එහි මහා මන්දිරවල සුරසැප වින්දාහ.
මේ වන විට පැති හතරකින්ම කොටුවී මුලතිව් බලකොටුවට වී සිටින ප‍්‍රභාකරන් හා සගයින්ගේ ඉරණම කෙසේ විසඳේදැයි කාට කිව හැකි ද?
කෙසේ හෝ මුලතිව් කොටි සිහින රාජ්‍යය බිඳ වැටීම ද ඉතා නුදුරේ සිදුවනු ඇත.

උපුටා ගැනීම :- 
Umanga Bandaraus

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here