පරපුරක් වෙනුවෙන් දිවි දුන් තිරිසනෙකු නොවූ සත්වයා... - පට්ටවැඩ.tk

Breaking

Post Top Ad

Free Advertse Here 0788426481

Post Top Ad

Responsive Ads Here

Friday, February 24, 2017

පරපුරක් වෙනුවෙන් දිවි දුන් තිරිසනෙකු නොවූ සත්වයා...



පරපුරක් වෙනුවෙන් දිවි දුන් තිරිසනෙකු නොවූ සත්වයා...
තමන්ගේ වර්ගයේ පැවැත්ම උදෙසා නැතිනම් හිතසුව උදෙසා අයිතීන් උදෙසා සටන් කල ජීවිතය පූජාකල දෙනෝ දහසක් වූ මිනිසුන් තම ප්‍රාණ වායුව නොදුටු පරම්පරාවක් වෙනුවෙන් නොදුටු ශිෂ්ටාචාරයක් වෙනුවෙන් අනේකවත් මේ වාතලයට මුසු කර ඇත.. හිතන්න... ඔබ සහ මම පහත හෙලන මේ හුස්ම පොදි තුල මේ පොලෝ ගැබ තුල මේ ජල තලය තුල ඔවුන්ගේ හුස්ම ඔවුන්ගේ රුධිරය ඔවුන්ගේ පා සටනහන් අනන්තවත් ඇති..
වහල් යුගය නිමා කරන්නට ස්පාටකස්ලා වැනි මිනිසුන් සිය ජීවිතය පූජා කලා සටන් කොට.. හැබැයි එසේ සටන් කල මිනිසුන් අතර මැද අතීතය විසින් හෝ අනාගතය විසින් අපේ මතකයෙන් ඈත් කල සත්තුත් මේ වා තලයේ තම අවසාන ප්‍රාණ වායුව හෙලුවා.. මේ අපට අමතකව ගිය එවන් සතෙකුගේ කතාවයි.. ඔබේ වටිනා කාලයෙන් මොහොතක් වැය කොට අහන්න ඒ ඉතිහාසයේ අසරණයන්ගේ මහා කේදවාචකය..
හැකිනම් තියන්නට මේ ලිපිය අතර මැද ඔහු වෙනුවෙන් එක් විනාඩියක හෝ නිශ්ශබ්ද තාවයක්..
සත්තකින්ම ඒ ඔහු වෙනුවෙන් නොව මිනිසත් බවින් මෙලොව ඉපිද තිරිසන් වෙස් ගත් අපේම ආදිතමයන්ගේ කෲර බාවයට ජීවිතය පූජාකල ඔවුන්ගෙන් අපට සමාවක් ඉල්ලාගැනීමට පමණි...
ඉතිහාසය තුල කරාවූ ඒ මහා පාපකර්මය එකී පව් කාරයන් මිහි මත බර දැරූ වරදට ස්වබාව ධර්මයා මේ වන විටත් අපහට දැවැන්ත දඩුවම් ලබා දී ඇත.. මිය ගිය පව් කාරයන් සොහොන් ගැබ් තුල අපේ අනාගතය බිලි වන සැටි සිනා මුවින් බලා සිටිනු ඇත... සියලු ධර්මයන් යටත් වන ස්වබාවධර්මයා අද අපට එරෙහි වී ඇත.... අටුවාටිකා තුල කාලය හිර නොකර අපි කතාකරමු අද
"පනාමුරේ ඇත් රාජා ගැන"
ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් රට පාලනය කල යුගයේ අලි ඇත් ජාවාරම අප රටෙහි නීත්‍යානූකූලව ජයටම කෙරී ගියා... මේ ජාවාරම පසුපස ඉංග්‍රීන්ට කත් ඇදි ලාංකීය රදල පරම්පරාව මුල් පුරුක් ලෙස හදුන්වන්න පුලුවන්.. වලවේ ගග කිරිමැටි ආර ගග සහ අතුගංගාවන් ගෙන් පෝශනය උන අපේ කතාමාලාවට මූලික පනාමුර වනය තුල එකල අලි ඇතුන් 2300 ක වගේ ඉතා ඉහල ප්‍රමාණයක් ඉදලා තියෙනවා..
බොහෝ අය අසා ඇති මඩුවන්වෙල මහ දිසාව..ඔහු ගැන ලාංකීය ඉතිහාසයේ දැක්වෙන්නේ ඉතා නිර්බීත අයෙක් ලෙස..නැතිනම් වීරයෙක් ලෙස.. ඉතිහාසය ලියවෙන්නේ වීරයාට ඕන විදියට .. ඇත්තටම මඩුවන්වෙල පරම්පරාව කලේ මේ රටේ අලි ඇතුන් තේක්ක බුරුත කදන් සහ වටිනා වස්තුව සුද්දට කුනු කොල්ලෙට විකුනලා තමන්ගේ වංශෙ රැකගත්තු එක..
පනාමුර ඇත් වධකාගාරයත් මඩුවන්වෙල මහ දිසාවගේ නිර්මාණයක්.. ඇත් ගාලේ අවසාන හිමිකාරයා උනේ ලංකාවේ පලමු කතානායක වරයා උන ෆ්‍රැන්සිස් මොලමුරේ.. පනාමුර වනය එක්කම අක්කර දාස් ගානක තනි අයිතියක් හිමිව තිබුන මේ වංශවතුන් ඒ සුවිශාල ප්‍රදේශයේ සතුන් ගස් වැල් පමණක් නෙමේ ජීවත්වෙලා හිටපු අසර්ණ මිනිස්සු පවා විකිනුවා.. එවන් කෲරතර පාලකයන් වීරයන් බවට පත් වුනේ කොහොමද කියන එක මහා ගැටලුවක්...
පනාමුර ඇත්ගාල කියන්නේ තනිකරම වධකාගාරයක් කියලා මම කියන්න හේතුව ඔබට වැටහේවි ලිපියේ ඉදිරි කොටසත් සමග.. පනාමුර වනය ඇතුලුව අක්කර 99000 ක අයිතිය එවකට රජයෙන් මොලමුරේට පැවරුවා..සින්නක්කරවම.. පනාමුර වනය මැදින් ගලා ගිය ජල පහරකට දිය පිපාසාවෙන් එන සද්දන්ත අලි ඇතුන් ට මොවුන් සිදුකලේ අමානුෂික ක්‍රියාවක්.. ජල පහර වටේ අක්කර ගනනාවක් දැවැන්ත බුරුත කදන් වලින් වටකරලා පිපාසිතව එන අලි ඇතුන් ඒ ඇත් කොටුව මතට බය කරවලා හිර කලා...
ඉතා අමානුශික ලෙස.. පසුව මේ අහිංසක සතුන් තම ජීවිතය බේරා ගැනීමට විදින වේදනාව දැක බලා ගැනීමට ඒ බුරුත කදන් උඩ නැරබුම් මැදිරි සහ තැබෑරුම් සකසලා අධිරාජ්‍යවාදීන් ට අමානුෂික සතුටක් ලබා ගන්නට අවස්ථාව සැලසුවා.. අලි ගාල් කිරීම මේච්චල් කිරීම සහ දංවැල් විලංගු දැමීම වැනි කෲරතර වදහිංසා දෑසින් දැක සුරා බී මත් වුන පර සුද්දන්ගේ ජය ගෝශා හඩ මැද්දේ මේ අහිංසක සතුන් වෙන්දේසි උනා..
පැටවුන්ට කිරි දෙන ඇතිනියන්ට තම දරුවන් ගෙන් වෙන්ව යන්නට සිදු උනා දරුවන්ට මව් වරුන් අහිමි උනා..මේ සියල්ලම සිදුවුනේ පාපකාරීන්ගේ මුදල් තන්හාවට... වසර පහකට වතාවක් ඇරඹෙන ඇත් වධකාගාර සමය අවසන් වෙන්නේ මේ පිං බිමෙන් දැවැන්තයන් සියයකට වැඩි ප්‍රමාණයක් සුද්දන්ගේ නැව් නැගෙව්වට පස්සේ..මෙතනට ආපු අමුත්තන් අතරේ සෝල්බරි සාමි ඇතුලු බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන්ගේ ප්‍රධන නායකයන් රැසක් සිටිනවා...
එහි අවසාන වධකාගාර දිනය ගැනයි මේ සටහන.. හැබැයි 1921 ටත් කලියෙන් ඉදලා දාස් ගානක අලිනඇතුන් වදහිංසාවට ලක් වුනත් ඒ ගැන සදහනක් නෑ... කටවහරක් පමණයි තියෙන්නේ.. සමහර විටෙක අපේ කතානායකයා උන පානාමුරේ ඇත් රජු නොසිටින්න තවමත් අපේ තුප්පහි පාලකයෝ එංගලන්ත අධිරාජ්‍යවාදීන් ට අලි ඇත්තු මෙතන වෙන්දේසි කරනවා.. ඒකයි සත්‍ය....
වසර පහකට පසු යලිත් ඇත් ගාල් කිරීම සහ කොටු කිරීම ඇරබෙත්ම පනාමුර ප්‍රදේශය සුර පුරක් වගේ වෙනවා .තැබෑරුම් සල් පිල් විදෙස් කාන්තාවන් ගෙන් පිරුණු මේ අලංකාරයේ ඇතුල් පැත්ත බොහොම කේදනීයයි...
ඒ මුසිල පාන්දරක් එදා අතුරු සිතුරු නැතිව පිරීගිය මේ ඇත්ගාලේ බ්‍රිතාන්‍යයේ ඉහල නිලධාරීන් වූ සෝල්බරි සාමි එවකට හමුදාපති රෝස් ප්‍රවීන බ්‍රිතාන්‍ය ලේකක ස්පැටිල් ඇතුලු අමුත්තන් රාශියක් සිටියා.. වයින් තොලගාමින් මේ අහිංසකයන්ට සිදුකෙරෙනා අමානුෂික වදයන් අතර මැද අත්පොලසන් නැගූ හඩ දැවැන්ත ගස් අතර පතරින් පනාමුර වනය පුරා රැව් දුන්නා...
තමන්ගේ වංශයේ උසස් බව පෙන්වීමට ඇතෙකු ලබා ගැනීමට මෙන්ම මේ සිදුවීම වීරත්වයක් කොට ලොවට පෙන්වීමටද විශාල මාධ්‍යවේදීන් ප්‍රමාණයක් මෙයට සහබාගී උනා.. ඇත් රංචුව සුවිශාල වීමත් ඔවුන් ඉතා නොසන්සුන් වීමත් නිසා නැගුනු ප්‍රීතී ගෝශා හඩ ඉතා විශාලයි... මේ අතරේ එක් විටම ඇතුන් වඩාත් නොසන්සුන් වුනේ රැලේ හිටපු කුඩාම පැටවුන් ද්දෙනාත් යදම් ලා සිරකලාට පස්සේ.. නායක ඇතා කුංචනාද කරමින් දුහුවිලි අවුස්සා මේ අමානුෂික වශයට විරෝධය පෑවා..ඒ සමගම ඔහුගෙන් පෙල ගත් අනෙක් හස්තීන්ද මහා දඩු වැටට වැර යොදා පහර දුන්නත් මේ සුවිශාල තේක්ක කදන් බිද හෙලීමට ඇත් රැලට නොහැකි උනා..     
නායක ඇතාගේ විරෝධය සෙසු ඇතුන්ගේ කලබලය එක්කම ඇතිනියන්ගේ ශෝකී මහ හඩ මැද්දේ කුඩා පැටවුන්ගේ යදම් ගලවා ලීමට මොලමුරේට සිදු උනා... වෙන කිසිදා නොවුනු තරම් විරෝධයක් ඇතුන් ගෙන් එල්ල උනේ නායක ඇතා ගේ දැඩි විරෝධය නිසා.. ඇත්තටම ඇතෙක් ලෙස හැදින්වූවත් ඔහු අලියෙක්.. කුඩා පනු දල දෙකක් පමණක් හිමි වූ වයස අවුරුදු විසි පහක පමණ වූ මේ සද්දන්තයා ගේ ශරීරය දුටු අය පවා ලොමු ඩැහැගන්වන ලෙසින් ශක්තිමත්ව තිබිලා තියෙනවා..
අඩි නමයක් පමණ උසකින් යුක්ත වූ නායක ඇතා සහ අනෙක් විශාල ඇතුන් තමන්ගේ පාද වලට විසිකල මන්දම් අල්ලා කරකවා පොඩි කර දමමින් රැලෙහි දුර්වල පැටවුන් සහ ඇතින්නියන් ආරක්ශාකිරීමට දවන්ද සටනක යෙදුනා... මේ සිදුවීම ඉතා විශ්මිත නිසා බලා සිටියවුන් දෑස් නොපියවා එක එල්ලේ බලාගෙන හුන් තැන් වලම ගල් ගැසී සිටි බව මෙම සිදුවීමේ එකම ඇසින් දුටු ශාක්සියක් ලෙස ජීවත් වන එහි සේවකයෙක් ප්‍රකාශ කොට තිබුනා....
පැය ගනනාවක් එක දිගට යටත් වීම ට එරෙහිව සටන් කල නායක ඇතාගේ ප්‍රධන උපක්‍රමය උනේ පසු බැස එක් විටම පහර දීම සාමාන්‍යයෙන් වෙන කාලවලදි පැය කිහිපයක් තුල යටත් වන ඇත් සේනාවකට වඩා කාලයක් මේ ඇත් රජු ප්‍රමුක සේනාව සටන් කලා.. ඔවුන්ට සිය නායකත්වයේ ජවය සහ නුවණ ආශිර්වාදයක් වෙන්නත් ඇති..
අවසානයේ ඇතුන් සියල්ලන්ම එකතුව දැවැන්ත බුරුත තාප්පයට පහර දීමත් සමගම පිරිස හිස් ලූ ලූ අත දිව යන්නට සැරසුනා.. ඒත් සියල්ලන්ටම බිය නොවන ලෙස මොලමුරේ නම් වූ ඝාතකයා කල ප්‍රකාශය සමග යලිත් සියලුම දෙනා මේ අමානුෂික හිංසාව දෙස දෑස් දල්වාගෙන බලා සිටියා.. හිතන්න මොහොතකට බුදුන්ගේ දන්ත දාතුව කරගසා යන කුලයක හිමිකරුවන්ට මෙවන් වූ අපරාධයක් සිදු උන බිමකටයි ඔබ පින් බිමක් ලෙස අර්ථය කවන්නේ..
සත්තකින්ම මෙය පින් බිමක්මද...?
අවසානයේ මොලමුරේ ඇතුලු ඇත් ගාලේ ප්‍රධානීන් තීරනය කලා මේ දැවැන්ත හස්ති රාජයාට නිදහස දීලා සෙස්සන් යනත් කරගන්න... ඇත් ගාලේ දොරකඩ මහා හඩක් එක්ක විවර උනේ ඒ ලෙස...
දොර ටුව විවර වීමත් සමග සිය පිරිස අතැරලා මේ නායකයා සුවිශාල පාද පොලවට බර කරමින් දොරටුව සමීපයටම ආවා... මිනිසුන් හිතන්නට ඇති ඔවුනුත් පාලකයන් සේම ද්‍රෝහීන් බවට.. නමුත් ඇසිල්ලකින් මහා දූවිලි වලාවක් සමග මේ ඇත් රජු යලි හැරුනා.. වේගයෙන් දිව ඇවිත් තම ආදරණීය සේනාව බැද දැමූ ගස් වලට පහර දෙමින් ඔහු තනිව අරගලයක් කලා..ඒ වන විටත් ඔහු හැර අනෙක් සියලුම සගයන් විලංගුලා සිර කොට අවසානයි.. ඉතිහාසයේ සිදුවූ විශාලතම අමානුෂික ක්‍රියාවකට තනිව එරෙහි වෙමින් තම වරිගයා වෙනුවෙන් ඒ උදාර නායකත්වය දැඩිව සටන් කලා ඉහ මොල සිත් පිත් නැති අමානුෂික මිනිසුන් පෙලක් සමග
මේ අතර මොලමුරේ විසින් හීලෑ දැවැන්ත දල ඇතෙකු මේ හස්ති නායකයා බිම වට්ටවන්ට කොටුව තුලට ඇතුලු කලා.. අද සමාජයෙත් තමන්ගේ වරිගයා නැසීමට මෙවන් හිත් පිත් නැති ගහලයන් අප්‍රමාණයි.. ඒත් ඔවුන් නොදන්නා එකම දෙය දිනයක තමන් මෙහෙයවන හස්තයම තමන්ට එරෙහිවන බව....
මේ දල ඇතා හොඩය ඔසවා දැවැන්ත සටනකට ඇත් රජු සමග අවතීර්ණ උනා.. පලමු පහරින් පරාජය වූ ඇත් රජු මදක් පසුපසට ගොස් තම දෙපා සවිමත් කොට වේගයෙන් ඉදිරියට පැන එල්ල කල පලමු පහරින්ම දැවැන්ත දල හස්තියා බිම පතිත වූවාත් සමගම හොඩවැල ඔසවා තම සිරකල සගයන් දෙස ධෛර්යවන්තව බලා ඔහු කියා සිටින්නට ඇති නැගිටපල්ලා නුඹලගේ කාලය ඇවිල්ලා යනුවෙන්. එහෙත් අමානුෂික යදම් වලට සිත් පිත් තිබේවිද මිනිසුන්ටද නොමැති කල
පසෙක ගැටගැසූ කුඩා අසරණ ඇත් පැටවුන් සිය මවගේ අදෝනාවන්ට කම්පා වී කිසිවක් කරගත නොහැකිව හඩා වැටෙන මූසල කේදවාචකය මේ ඇත් රජාගේ රත් පැහැගත් නෙත් අතර රැදුනේ ඒ මොහොතේ ප්‍රදේශයම කම්පා කරමින් දැඩිව හමා ගිය වියුරු සුලගත් ආශිර්වාදයක් කරගෙන.. ඔහු නැවතත් සිය ශක්තිය යොදවාගෙන තමන්ගේ සහුද්‍රයන් බැද දැමූ දංවැල් වලට තදින් පහර දෙන්නට උනා..
කිසිවෙක් ඔහු දෙසට ලංවූයේ නැහැ..විටෙක හේ අසරණව හඩ නගමින් වටේ ගෝශා කල මිනිසුන්ට කීවා මේ අසාධාරණයට එරෙහි වන ලෙස..එහෙත් දෙවියන් පලා ගිය දේශයක උපන් නොමිනිසුන් මේ අසරණයාගේ ප්‍රතිචාර වලට දැක්වූයේ ප්‍රීති ගෝශාවක් පමණයි..
නැවතත් සිය උපරිම ශක්තිය යොදා වැටට පහර දෙමින් වේගයෙන් දඩු ගැසූ ආවරනය කල වධකාගාරය වටේ දිව ගිය මේ අපිරිමිත ශක්තිවන්තයා එක් තැනක දන ගැසුවා. ඔහුගේ ඇත් සේනාවේ කුඩා ඇත් පැටවුන් සේම දැවැන්ත හස්තීන් පවා ගැටගසා විලංගු ලා මර්ධනය කොට ඇත්තේ කුමන පාපයක් නිසාදැයි ඔහු මොහොතකට කල්පනා කරන්නට ඇති
තමන්ගේ නිදහස පමණක් සොයන මිනිසුන් මෙන් ආත්මාර්ථය ඉහ ගන්වාගෙන නොසිටි මේ නායකයා අවසානයේ යලිත් නැගිට සිටියා.. දෙපය දුහුවිලි පොලවේ ගසාලමින් කෝපාග්නියෙන් ඔහු නැවත බුරුත කදන් වලට පහර දුන්නා.. ඔහු ඉල්ලා සිටියේ පෞද්ගලික නිදහසක් නොව සිය වරිගයාගේම නිදහසයි..
දැවැන්ත ශක්තිය හමුවේ කොටු කර තැබූ වම්පස බුරුත කදක් දෙකට ඉරී විසිවීමත් සමග රැස්ව සිටි පිරිස බියෙන් කැ ගසන්නට උනා.. මේ අවස්ථාවේ ඇත් රජු ඝාතනය කිරීමට අවැසි බව ෆ්‍රැන්සිස් මොලමුරේ කල ප්‍රකාශය සමග රත්නපුර පොලීසියේ නිලධාරීන් හතර දෙනෙක් පැමින එක් වෙඩි පහරින් මේ සද්දන්තයාව බිම හෙලීමට නොහැකි බව කියමින් එකී පාපයෙන් ගැලවී ගොස් තිබෙනවා.
එහෙත් පසුව ලංකාවේ නම ගිය ශූර වෙඩික්කරුවෙකු වූ කදිරගාමර් නැමැති දඩයක්කරුවා මෙයට ඉදිරිපත්ව සුවිශාල සද්දන්තයාගේ වම් ඇසට සිය ඉලක්කය ගන්නවා......අවාසනාවට වියුරු මොලමුරේ නම් වූ ඒ අමානුෂික මිනිසාගේ මුවින් " ෆයර් " ය්න අනදීම රැව් දුන්නා.. කිසිවෙක් එම අනට පිටු පෑවේ නැහැ.. නිමේශයකින් තුවක්කු බටයකින් ගිලිහී ගිය රුදුරු වෙඩි උන්ඩයක් මේ අසහාය නායකයාගේ හිස තුලින් නික්මුනා..
වම් පසට ටිකෙන් ටික ඇල වූ අසරණයාගේ දෑසින් ගලා ගිය කදුලක් පිහිටක් නොමැති කර්කශ දුහුවිලි පොලවේ පතිත වූයේ මිනිසාටද නොමැති සාමූහික ප්‍රේමයක් අදිශ්ටානයක් සහ පරපුරක් වෙනුවෙන් කල සටනක අවසනායක් මෙසේ සනිටුහන් වූ බව ලොවට පසක් කරමින්.. පොලෝ තලය කම්පා කරමින් කුංචනාද දුන් මහා සද්දන්තයා වියුරු වෙඩි පහරකට බිම පතිත උනා.. එහෙත් දෑස් ආවරණව වේදනාවෙන් ඔහු බලාසිටියේ යදම් ලූ තම සේනාව දෙස..
පුදුමාකාර ලෙස සියලුම ඇතුන් සන්සුන් උනා.. කුඩා ඇත් පැටියාගේ සිට ඇතින්න දක්වා වූ මහා ඇත් රංචුව දන නැමුවා...සිය ආදරණීය නායකයා රුදුරු මිනිසුන් අතින් අවසන් ගමන් ගිය වග ඔවුනට දැනෙන්නට ඇති... එතෙක් වේලා ප්‍රීති ගෝශා නැගූ පිරිස නිහඩ උනා.. සියල්ලන්ම නැගී සිටියා..පොලව නුසුලන මහා අපරාධයට අහස ගිගුම් දී මහා වැසි කඩා හැලුවා..
වෙඩි වැදී ගිය හිස සිදුර තුලින් ගලා ගිය රුහිරු දිය පොලෝ තලයේ වැසි දිය හා එක්ව ගලා ගියා.. අවසන මේ අපිරිමිත දයාවකින් හෙබි නායකයා තම වරිගයාගේ නිදහස වෙනුවෙන් සටන් කොට අමානුෂික මිනිසෙකුගේ අණකින් පිට වූ රුදුරු වෙඩි උන්ඩයකින් 1950 වසරේ අගෝස්තු 09 වනදා මෙලොව හැර ගියේ සිය පරම්පරාවටම එතෙක් කල් වද හිංසා කල ඇත් ගාල් ක්‍රමය මුලු ලොවින්ම අතුගා දමමින්..
.මේ කනගාටුදායක සිදුවීම නිසා මුලු මහත් ලෝකයම කම්පා උනා..එංගලන්ත මහ රැජින පවා කදුලු සැලුවා..අවසානයේ පනාමුර ඇත් ගාල වසා දැමුවා පමනක් නොවේ පෙර කීවා සේම ලෝකයේම මෙම ගාල් ක්‍රමය අහොසි උනා.. ආදර්ශමත් නායකත්වයක් හොබවමින් තම පරම්පරාව වෙනුවෙන් ජීවිතය පුද කල මේ සද්දන්තා මුලු ලෝකයේම තමන්ගේ වරිගයාගේ යුක්තිය ඉටු කොට අගෝස්තු නම වනදාක දෑස් පියා ගත්තේ..එතෙක් කල් අමානුෂිකව පියව තිබූ අපගේ දෑස් විවර කරමින්..  
අවසන ඇතුන් වෙලදාම සහ ජාවාරම ඇත් දල කැපීම වද හිංසා කිරීමට එරෙහි දැඩි නීති සැකසුනා..ඒ මේ නායකයාගේ ජීවිත පූජා කිරීම නිසා... තමන් තමන් ගැනම සිතන මේ මිලේච්ඡ යුගයේ පරාර්ථකාමීව තම සගයන් වෙනුවෙන් තම සගයන්ගේ අනාගතය වෙනුවෙන් දිවි පුදූ මේ අහිංසක ඇත් රජු මුලු මහත් ලෝකයටම උගන්වා ගිය පාඩම සත්තකින්ම අපිරිමිතයි.
. ඔහු නොවන්නට අද ඉතිරිව සිටින කුඩා ඇත් අලි ප්‍රමාණයද වදවෙලා බොහෝ කල්... ඒ තරම් මිනිසුන් අමානුෂිකයි. සැබැවින්ම මිනිස් කම් ඇත්තේ අප තුල නොව හිත් පිත් නැතැයි කියන සතුන් අසල වග කියා දෙමින් ජීවිතය පූජාකල පනාමුර ඇත් රජුට මේ ලිපිය උපහාරයක්ම වේවා..
පනාමුරේ ඇත් රජානනි ඔබට විප්ලවීය උත්තමාචාරය ....
Charith Janapriya

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here