මොකක්ද මේ HNDE කියන්නේ ? - පට්ටවැඩ.tk

Breaking

Post Top Ad

Free Advertse Here 0788426481

Post Top Ad

Responsive Ads Here

Thursday, February 9, 2017

මොකක්ද මේ HNDE කියන්නේ ?

මොකක්ද මේ HNDE කියන්නේ ?




අපි හැමෝම උසස් පෙළට ලියලා හොද Z core එකක් ලැබුණට පස්සේ ඊළග බලාපොරොත්තුව තමයි කැම්පස් පොත පුරවලා කැම්පස් එකකට යන්න.
උසස් පෙළ විභාගෙත් පාස් වෙලා, සැළකිය යුතු Z core හිමි වුණත් අපගේ සරසවි සිහිනය බොද වන්නට හැකිය. නොඑසේනම් උසස් පෙල පන්ති යන්න පටන් ගත් දා සිට කිරීමට බලාපොරොත්තුවෙන් සිටි පාඨමාලාවට වෙනුවට ඔබව වෙනත් පාඨමාලාවකට තේරී පත්වී තිබිය හැක.

 ඔයා A/L වලට Maths කරේ ඇයි? ඉංජිනේරුවෙක් වෙන්න නේද. ඉතින් පේරා හරි මෝරා හරි රුහුනේ හරි Campus එකට යන්න බැරි උනා නම් Z- Score එක ටිකක් මදි උනා නම් ඔයා ඉංජිනේරුවෙක් වෙන සිහිනය අතහැරලා දැම්මද ?

ඉතින් ඉංජිනේරුවෙක් වෙන්න බැරි උන ඔයාට ඉංජිනේරුවෙක් විදිහටම ලෝකේ දකින්න පුලුවන් විකල්පයක් තමයි HNDE කියන්නේ

HNDE එකෙත් Engineering කරන්න පුලුවන් ලබුදූව, මට්ටක්කුලිය හා යාපනය කියන SLIATE ආයතන වල විතරයි



ඉතින් මේ තැන් වලිනුත් සුන්දර පරිසරයකට හිමිකම් කියන ලබුදූව HND එක කියන්නේ නිදහසේ ඉගෙනගන්න පුලුවන් සුන්දරම තැනක් තමයි 


මේ වීඩියෝ එක බලලා ඉන්නකෝ මුලින්    ➨➨➨









මේ HND කියන එක 

Sri Lanka Institutes Of Advance Technological Education ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ 1995 අංක 29 දරණ පනතින් පවත්වාගෙන යනු ලබයි. වත්මන් රජයේ විශ්ව විද්‍යාල අයත් වන උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යංශය යටතේ පාලනය වෙයි.

ලෝකයම පිළිගත් NVQ මට්ටම් අනුව NVQ 7 යනු විශ්ව විද්‍යාලයකින් ලබා දෙන උපාධියයි. ඔබට SLIATE තුළින් මෙහිදි ලැබෙන්නේ NVQ 6 Higher National Diploma (HND) සහතිකයයි. ඔබට ඉන්පසුව තමාගේ අවශ්‍යතාවය මත පහසුවෙන් උපාධිය (Degree) දක්වා යෑමටද අවස්ථාව ඇත. සෑම පාඨමාලවක්ම ඉංග්රීසි මාධ්යයෙන් පැවැත්වෙන අතර ප්රායෝගික පුහුණුවක් අවසන් වසර තුලදී NAITA ආයතනයේ අධීක්ෂණය යටතේ ලබාගත හැක.


ලැබෙන වරප්‍රසාද 

සියලුම පාඨමාලා නොම්ලේ පැවැත්වෙයි.
* උපාධිදාරී දේශක මණ්ඩලය
* පුස්තකාල පහසුකම්
* මහපොළ ශිෂ්‍යාධාර
* නොමිලේ Wi-fi හා අන්තර්ජාල පහසුකම්
* බස් / දුම්රිය සහන කාලය
* ක්රීඩා පහසුකම්


රජයේ විශ්ව විද්‍යාලයක හා HND පාඨමාලාවන්ගේ ඇති සමානතා?

* GPA System එකකට අනුව විභාග ලකුණු විශ්ලේෂනය කරයි
* semester අනුව පවතිනා විභාග කාල සටහනක් ඇත.
* උපාධිදාරී දේශක මණ්ඩලය
* බහුමාධ්ය පහසුකම් හා වැඩමුළුව පහසුකම් ආදිය සමග භාෂා කාඞ් සහ තොරතුරු තාක්ෂණ          විද්යාගාර

අයදුම් කිරීමට අවම සුදුසුකම් 

* සැළකිය යුතු z අගයක්
* අපොස සා/පේ ඉංග්‍රීසි සදහා සම්මාන සාමාර්ථයක් 


ඉතින් ඔන්න අයදුම්පත් කැදවීම දැන් ආරම්භ කරලා තියෙන්නේ අයදුම්පත් බාරගන්නා අවසාන දිනය 2017-02-28 එහෙනම් Apllicacion එක Download කරගන්නකො 



Apllication එක මේ ලිපිනයට එවන්න 


Advanced Technologiacal Institue
Siridamma Mawatha, 
Labuduwa,
Galle, Sri Lanka


තව තොරතුරු මොනවා හරි දැනගන්න තියෙනවා නම් Comment එකක් දාගෙන යන්න 

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here